Pages

Monday, September 5, 2016

කානෝ සිතියම් යොදාගෙන තාර්කික ප්‍රකාශ සුළු කිරීම (Karnaugh map)

තාර්කික ප්‍රකාශනයක් (boolean expression) යනු යම්කිසි ගැටළුවකට ඇති  තර්කානුකුල විසදුමයි. අවසානයේදී මෙම තාර්කික ප්‍රකාශනය, තාර්කික ද්වාර (logic gates) යොදාගෙන  පරිපථයක්  (circuit)  සැදීම සදහා යොදා ගනී.  මේ නිසා  තාර්කික ප්‍රකාශනය දිගින් වැඩිවෙන විට ඒ සදහා යොදාගත  යුතු  තාර්කික ද්වාර (logic gates) ගණන වැඩිවේ. ඒ නම් පරිපථය (circuit) සැදීමට යන වියදමද  වැඩිවේ, පරිපථයේ ප්‍රමාණයද (size) වැඩිවේ.මෙම කරුණු නිසා අපි සැමවිටම අපේ තාර්කික ප්‍රකාශනය හැකි තරම් සරල කර ගත යුතුවේ.
 සුළු කිරීමට ඇති  විචල්‍යන් ගනන 3 ට වඩා වැඩි වන විටදී තාර්කික ප්‍රකාශන සුළු කිරීමට  කානෝ සිතියම් (Karnaugh map) යොදා ගැනීම වඩා කාර්යක්ෂම වේ.
මේ ක්‍රමය( කානෝ සිතියම් යොදාගෙන සුළු කිරීම) මුලින්ම හදුන්වාදෙනු ලැබුවේ Maurice Karnaugh කියන ඇමෙරිකානු ජාතික භෞතික විද්‍යාඥයා විසින් 1953 වසරේ දීය.
මිනිසාගේ රටා හදුනාගැනීමේ (pattern-recognition) හැකියාව ප්‍රයෝජනයට ගෙන කානෝ සිතියම්, තාර්කික ප්‍රකාශන සරල කිරීම සිදුකරයි.
වීජ ගණිතමය (&Boolean algebra) ක්‍රමයට සාපේක්ෂව කානෝ සිතියම්(Karnaugh map) යොදා ගැනීමේදී  තාර්කික ප්‍රකාශන වඩා වේගවත්ව හා පහසුවෙන්  සරල කිරීම සිදු කල හැක.
සම්පූර්ණ ලිපිය මෙතනින්

2 comments:

  1. ගොඩක් හොදට විස්තර කරලා තිබුණා. ස්තුතියි

    ReplyDelete
  2. What is the Baccarat Strategy? - FBCASINO
    It's a popular way to play Baccarat, with a lot of people playing it at home and in งานออนไลน์ the casino to practice and hone your game. Learn all 바카라 사이트 about 1xbet korean

    ReplyDelete