Pages

Thursday, March 5, 2026

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් - 10 ශ්‍රේණිය ICT - Unit 01

 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ඊ-වාණිජ්‍යය, ඊ-පාලනය, බැංකුකරණය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, ආරක්ෂක, ප්‍රවාහනය වැනි බොහෝ ක්ෂේත්‍රවල භාවිතා වේ.


E-Government - විද්‍යුත් රාජ්‍යය


රජයක් තම පුරවැසියන්, සමාගම්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සහ (විවිධ රටවල) අනෙකුත් රජයන් සමඟ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) භාවිතයෙන් සන්නිවේදනය කරන විට, එය e-Government ලෙස හැඳින්වේ.
When a government communicates with its citizens, companies, Government and Non-Government Organizations and with other Governments (of different countries) using ICT, it is called e-Government. 

  • G2C – Government to Citizen (රජයෙන් පුරවැසියන්ට)
  • G2B – Government to Business (රජයෙන් ව්‍යාපාර වලට)
  • G2E – Government to Employee (රජයෙන් සේවකයින්ට)
  • G2G – Government to Government (රජයෙන් වෙනත් රාජ්‍යයන්ට)

G2C – Government to Citizen (රජයෙන් පුරවැසියන්ට)

  • List of Government Organization - රාජ්‍ය ආයතන නාමාවලිය https://www.gov.lk/
  • Payments Of Utility Bills - රජයේ බිල්පත් ගෙවීම් https://www.gov.lk/government/eservices
  • Renewable of Vehicle License - වාහන ආදායම් බලපත්‍ර අළුත් කිරීම
  • Government Information Service (1919) - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
  • Legal System - නීති පද්ධතිය

G2B – Government to Business (රජයෙන් ව්‍යාපාර වලට)

  • Payment Services - ගෙවීම් සේවාවන් 
  • Banking information - බැංකු තොරතුරු
  • Business Registration - ව්‍යාපාර ලියාපදිංචිය
  • Business and Investment - ව්‍යාපාර හා ආයෝජන තොරතුරු
  • Information on Business Organizations - ව්‍යාපාරික ආයතන පිළිබඳ තොරතුරු

G2E – Government to Employee (රජයෙන් සේවකයින්ට)

  • FORMS  - ෆෝරම
  • Gazette
  • Circulars - චක්‍රලේඛ
  • Information on Loan facilities for Government workers - සේවකයින්ට ණය පහසුකම් ලබා දීම

G2G – Government to Government (රජයෙන් වෙනත් රාජ්‍යයන්ට)

  • Diplomatic and Visa Information - රාජ්‍ය තාන්ත්‍රික සහ වීසා තොරතුරු
  • Government Law - රජයේ නීති පද්ධතිය
  • Aid for Tourists - සංචාරකයින් සඳහා සහාය සැපයීම
  • Sri Lanka custom information - ශ්‍රී ලංකා රේගු තොරතුරු
  • Information on interesting Places  - සිත්ගන්නා ස්ථාන පිළිබඳ තොරතුරු
  • Map of Sri Lanka - ශ්‍රී ලංකා සිතියම

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලපෑම - Field Of Education

Educational Web Sites - අධ්‍යාපනික වෙබ් අඩවි

  • www.schoolnet.LK
  • නැණසල (nenasala.lk) 
  • ඉ- තක්සලාව (www.e-thaksalawa .mov.gov.lk)
  • වෙබ් පාඨමාලා (www.edulanka.lk)
  • විදු මං පෙත (www.vidumanpetha.com)

Uses OF ICT In the Classroom - පංති කාමරයේ දී තොරතුරු තාක්ෂණය භාවිතය



  • For presentations - විද්‍යුත් සමර්පණ භාවිතය
  •  Videos on experiments - ප්‍රායෝගික පරීක්ෂණ වල වීඩියෝ පෙන්වීම
  •  Creation of images and video - පිංතූර / වීඩියෝ සැකසීමට
  •  Desktop publishing of magazines, letters and documents - සඟරා / ලිපි / ලේඛණ ආදී ප්‍රකාශන සෑදීම
  •  Educational games (Edutainment)  - අධ්‍යාපනික ක්‍රීඩා
  •  Learning using the CD-ROM media – CD/DVD මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය ලැබීම
  •  Gathering educational information on the internet - අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීම

Learn Any time Any where. - ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඉගෙනීම

  • study while at home or any other convenient place using Internet and Computer is call learn Any time Any where. 
  • නිවසේ හෝ වෙනත් පහසු ස්ථානයක අන්තර්ජාලය සහ පරිගණකය භාවිතා කරමින් අධ්‍යන කටයුතු වල නිරත වීම ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඉගෙනීමයි.


LMS - Learning Management System - ඉගෙනුම් කළමණාකරණ පද්ධතිය

  • An LMS (Learning Management System) is a software application or web-based technology used to plan, implement, and assess a specific learning process.
  • LMS (ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්) යනු නිශ්චිත ඉගෙනුම් ක්‍රියාවලියක් සැලසුම් කිරීමට, ක්‍රියාත්මක කිරීමට සහ තක්සේරු කිරීමට භාවිතා කරන මෘදුකාංග යෙදුමක් හෝ වෙබ් පාදක තාක්ෂණයකි.

Lms for students - ඉගෙනුම් කළමණාකරණ පද්ධතියක් මගින් ශිෂ්‍යයාට ලැබෙන පහසුකම්



  • අවශ්‍ය වේලාවකදී ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව. - The ability to use the learning units at anytime and anywhere at school, at home or any other convenient place.
  • පාසල් පැවරුම් නිවසෙදී නිම කර එසැනින් උඩුගත කිරීමේ හැකියාව. - The ability to upload the assignments completed at home
  • සංවාද මණ්ඩපයක් හා සම්බන්ධ වීම මගින් ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව. - The ability to submit queries, getting replies and submitting comments through Forums
  • වීඩියෝ දර්ශන මගින් විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේ හැකියාව. - Ability to participate in the co-curricular activities via video.
  • දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපන  ප්‍රගතිය නිවසේ සිටම දැන ගත හැකි වීම. - The parents can monitor the progress of their children from home.

Lms for teacher / management  - ඉගෙනුම් කළමණාකරණ පද්ධතියක් මගින් ගුරුවරයාට / කළමණාකරණයට ලැබෙන පහසුකම්



  • කළමණාකරණය කිරීම මගින් ඉගෙනුම් ඒකක පද්ධතියට එකතු කිරීම. -The ability to add quality learning materials
  • ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්විම. - Supervision of activities and publishing of results
  • ශිෂ්‍ය ගුරු සහ පාසල් තොරතුරු කළමණාකරණය සහ යාවත්කාලීන කිරීම. - The ability to maintain updated information of the students, teachers and school
  • ස්වයංක්‍රීය සීනු පද්ධතියක් භාවිත කිරීම. – Use Automatic Bell System
  • ඉ - තැපෑල මගින් දෙමවුපියන්ට , පාසල් සංවර්ධන සමිතිය සහ තොරතුරු ලබා ගැනීමේ පහසුව - Sending and receiving necessary information by e-mail to parents,

Distance LEARNING - දුරස්ථ අධ්‍යාපනය යනු,

  • person from any country can connect with a university or any other learning center of his choice and pursue higher education at a considerably low cost is called Online Distance Learning. 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග ම ඕනෑම රටක සිට තමන්ට කැමති ආකාරයේ අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුලින් ඉතා අඩු වියදමකින් උසස් පාඨමාලාවක් හැදෑරීම දුරස්ථ අධ්‍යාපනය ලෙස හැදින්වේ.

Features of Distance Learning - දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ

  • Within a flexible time frame, provide the facility to learn - පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව
  • Digital library facility on joining a course. - පාඨමාලා ලියාපදිංචියේ දී ලබාදෙන අංකිත පුස්තකාල සම්බන්ධතාව.
  • Online assignments and quizzes. - මාර්ගගත පැවරුම් හා ප්‍රශ්නාවලි 
  • Contact with a teacher online. - මාර්ගගත ගුරුවරයෙකු හෝ සම්බන්ධ වීමේ පහසුකම්.
  • Easy to obtain teacher consultations. - උපදේශන සේවා පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව.

සෞඛ්‍යය ක්ෂේත්‍රයේ යෙදවුම් - Applications in Helth Sector

තොරතුරු තාක්ෂණය හා සබැඳි රෝග විනිශ්චය උපකරණ - diagnostic equipment

CAT Machine - පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය


  • ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන් වෙන් වශයෙන් ත්‍රිමාණ ලෙස රූප ගත කළ හැකි ය.
  • three dimensional (3D) images of different parts of the body can be made. 

MRI -  Magnetic Resonance Imaging Machine - චු‍ම්බක අනු‍නාද මූර්තන යන්ත්‍රය  



  • රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද (දෝංකාර) මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම
  • create digitalized images of internal organs of the body by using strong magnetic fields and radio waves.

ECG - Electrocardiogram Machine - විද්‍යු‍ත් තන්තු රේඛීය යන්ත්‍රය

  • හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම සඳහා
  • monitor the heart beat. 

EEG  - Electro-encephalography - විද්‍යු‍ත් නිකර්පර රේඛණ යන්ත්‍රය



  • මොළයේ ක්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා
  • record the activities of the brain.

Cardiac Screening Machine - හෘදරෝග තිර ගැන්වීමේ යන්ත්‍රය 

  • හෘදයේ ක්‍රියාකාරිත්වය පරිගණක තිරයක දැක්වීම
  • displays the physiology of the heart and it displays the movements inside the heart. 

Blood Sugar Testing Machine - රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීම

  • analyze a sample of blood and determine the blood glucose level.
  • රුධිර සාම්පලයක් විශ්ලේෂණය කර රුධිර ග්ලූකෝස් මට්ටම තීරණය කරයි.

Blood Pressure Measuring Machine 

  • This device which can measure the blood pressure of a person at rest and when he/she is involved in some physical activity. 
  • පුද්ගලයෙකු විවේකයෙන් සිටින විට සහ ඔහු/ඇය යම් ශාරීරික ක්‍රියාකාරකමක යෙදෙන විට ඔහුගේ/ඇයගේ රුධිර පීඩනය මැනිය හැකියි. 

Emergency Telemedicine - දුරස්ථ සෞඛ්‍යය රැකවරණය

The use of ICT to examine and or provide healthcare to a patient who is far away from the hospital is called Telemedicine. 
රෝහලෙන් බොහෝ දුරින් සිටින රෝගියෙකු පරීක්ෂා කිරීමට සහ හෝ සෞඛ්‍ය සේවා සැපයීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම ටෙලිමෙඩිසින් ලෙස හැඳින්වේ.

Advantages - වාසි

  • Home Health Medicine - නිවසේ සිට අධීක්ෂණය
  • Remote Surgery - දුරස්ථ ශල්‍යකර්ම
  • Medical Teletraining - දුරස්ථ පුහුණූව
  • Remote Clinical Care - දුරස්ථ සෞඛ්‍යය උවටැන්


ICT in Agricultural Industry  - කෘෂි කර්මාන්තය සඳහා යෙදවුම්

These machines not only ease the work of a farmer but also enables him to produce high quality yields.
 මෙම යන්ත්‍ර මඟින් ගොවියාගේ වැඩ පහසු කරනවා පමණක් නොව උසස් තත්ත්වයේ අස්වැන්නක් ලබා ගැනීමටද හැකියාව ලැබේ. 

  • Meteorological Devices කාළගුණ මිනුම් යන්ත්‍ර 
  • Automated Insect Control Devices ස්වයංක්‍රීය කුරුමිණි පාලන යන්ත්‍රය
  • Field conditions measuring devices වගා බිමෙහි තත්ත්වය මනින යන්ත්‍රය
  • Drip irrigation ස්වයංක්‍රීය ජල සැපයු‍ම 
  • Automatic Weed Remover ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණය
  • Seedlings planter using Robotics රොබෝ තාක්ෂණයෙන් පැළ සිටු‍වීම 
  • Green House - හරිතාගාර

  • Meteorological Devices කාළගුණ මිනුම් යන්ත්‍ර 

These devices are helpful in assessing the weather, climatic changes, rainfall, wind direction etc. Such data are useful in deciding on the crop cultivation and harvesting times.
මෙමගින් කාලගුණය, දේශගුණය, වර්ෂාපතනය, සුළං දිශාව ආදී තත්ත්වයන් පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව බෝග වගාවට සහ අස්වනු නෙළීමට සුදුසු කාල වකවානුව තීරණය කිරීමට හැකි වනු ඇත. 


  • Automated Insect Control Devices ස්වයංක්‍රීය කුරුමිණි පාලන යන්ත්‍රය
කෘමීන් වැනි පළිබෝධකයින් ගෙන් වගාවට සිදුවන හානිය වළකාගැනීමට උපකාරී වේ.
Helps to prevent crop damage from pests like insects.

  • Automatic Weed Remover ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණය
This machine runs through the field and removes the weeds as per instructions provided by identifying crops and weeds separately. 
වගා බිමක බෝග අතර එහා මෙහා ගමන් කරමින් ලබා දී ඇති උපදෙස්වලට අනුව බෝග සහ වල් පැළ වෙන් කර හඳුනා ගෙන වල් පැළ ගලවා ඉවත් කිරීම සඳහා මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනේ.


  • Seedlings planter using Robotics රොබෝ තාක්ෂණයෙන් පැළ සිටු‍වීම 
පැළ අතර ඇති පරතරය ඒකාකාරී ලෙස පවත්වා ගෙන සිටවීමටත් මෙම රොබෝ යන්ත්‍ර යොදා ගනු ලබයි.

These robotic machines are used in large fields to carry seedlings across the field and to plant them in an orderly manner. 





Green House : 


ICT is used to control light, moisture and air inside the greenhouse. Hence, farmers are able to make high quality products of rare crops to the market .

ICT in management of farmhouse සත්ත්ව ගොවිපොළ සඳහා යෙදවුම් 

  • RFID ගුවන් විදුලි සංඥා හැඳුනු‍ම් උපකරණය
  • Automated milking machine - ස්වයංක්‍රීය කිරි දොවන යන්ත්‍ර
  • CCTV for Security - ආරක්ෂාවට CCTV යොදා ගැනීම
  • Farm Management - ගොවිපළ කළමණාකරණයට

RFID භාවිතය 

ICT in Fishing Industry - ධීවර කර්මාන්තය සඳහා යෙදීම්

  • To Find Fish Concentration Area - මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශය සොයා ගැනීමට
  • Use GPS to Find where on The Sea - මුහුදේ කොතැනදැයි සොයා ගැනීමට GPS භාවිතා කිරීම
  • Use Satellite to Communicate with LAND Area - ගොඩබිම් ප්‍රදේශය සමඟ සන්නිවේදනය කිරීමට චන්ද්‍රිකාව භාවිතය
  • Save Fuel and Time - ඉන්ධන සහ කාලය ඉතිරි වීම


Uses of Robots - නිෂ්පාදන සඳහා රොබෝ යන්ත්‍ර භාවිතය  

  • 24h service - පැය 24 ම සේවයේ යෙදවීමට හැකියාව
  • Never get tired - විඩාවට පත් නොවීම
  • Efficiency - කාර්යක්ෂමකාවය
  • Accuracy - නිරවද්‍යතාවය
  • Hygiene - සෞඛ්‍ය ආරක්ෂිතබව

Video conference  - වීඩියෝ සම්මන්ත්‍රණ 

Video conferencing is live, visual connection between two or more remote parties over the internet that simulates a face-to-face meeting 
වීඩියෝ සම්මන්ත්‍රණය යනු අන්තර්ජාලය හරහා දුරස්ථ පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් අතර සජීවී, දෘශ්‍ය සම්බන්ධතාවයක් වන අතර එය මුහුණට මුහුණ හමුවීමක් අනුකරණය කරයි.


Advantages වාසි :

  • Convening at a special venue is unnecessary - විශේෂ ස්ථානයක රැස්වීම අනවශ්‍යයි 
  •  saves time, ගමන් සඳහා වැය වන කාලය, ශ්‍රමය සහ වියදම ඉතිරි කරයි.
  • effort and cost spend on travelling.
Ex : Zoom, MS Teams, Google Meet





Online SHOPPING -  මාර්ගගත සාප්පු සවාරිය

Online shopping known as electronic commerce which allows foreign or local company to sell its products or services and the ability for a consumer to buy goods and services via internet 
අන්තර්ජාලය ඔස්සේ මෙරට හෝ පිටරටක ඇති වෙළෙඳ ආයතන විසින් භාණ්ඩ හෝ සේවා සැපයීමත්, පාරිභෝගිකයන් විසින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම ඉලෙක්ට්‍රොනික වෙළෙඳාම නොහොත් මාර්ගගත සාප්පු සවාරිය යනුවෙන් හැඳින්වේ. 

Advantages of Online SHOPPING - මාර්ගගත සාප්පු සවාරි වල වාසි

  • Open 24 hours.- පැය 24 පුරාම විවෘතයි.
  • Ability to see things and order at one’s convenient place. - තමන්ට පහසු ස්ථානයක සිට ඇණවුම් කිරීමේ හැකියාව.
  • The ability to pay using the electronic payment methods such as credit cards. - ක්‍රෙඩිට් කාඩ් වැනි ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම භාවිතයෙන් ගෙවීමේ හැකියාව.
  • Home delivery of goods or services, thus saving time, transport cost and avoid unnecessary travel related exhaustion.- භාණ්ඩ හෝ සේවා නිවසටම ගෙන්වා ගැනීම, එමඟින් කාලය, ප්‍රවාහන පිරිවැය ඉතිරි කර ගැනීම සහ ගමන් ආශ්‍රිත වෙහෙස වළක්වා ගැනීම.

Online SHOPPING DISADVANTAGES : අවාසි

  • Shipping Problems and Delays - බෙදා හැරීමේ ගැටළු සහ ප්‍රමාදයන් 
  • larger risk of fraud: වංචා සඳහා විශාල අවදානමක්: 
    • credit card scams, ක්‍රෙඩිට් කාඩ් වංචා, 
    • phishing, තතුබෑම්, 
    • hacking, අනවසරයෙන් ඇතුළුවීම, 
    • identity theft, අනන්‍යතා සොරකම්, 
    • counterfeit products, ව්‍යාජ නිෂ්පාදන, 
    • bogus websites, and other scams are common - ව්‍යාජ වෙබ් අඩවි සහ වෙනත් වංචා බහුලව දක්නට ලැබේ.
  • Problems with the Quality of Goods - භාණ්ඩ වල ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු

E banking systems - බැංකු ක්ෂේත්‍රය


  • ATM  - 24h money withdraw facility due to Automatic Teller Machine - ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර නිසා පැය 24ම මුදල් ලබා ගැනීමේ හැකියාව
  • Online Banking - මාර්ගගත බැංකුකරණය
  • Mobile Banking - ජංගම බැංකුකරණය
  • SMS Banking - කෙටි පණිවිඩ මගින් බැංකු සේවා


Advantages of E-Banking - E-Banking වල වාසි

  • කඩිනම් සේවාව - Prompt in service
  • ඕනෑම තැනකදී, ඕනෑම වේලාවකදී බැංකු කටයුතු සිදු කිරීමේ හැකියාව - Anywhere anytime banking
  • මුදල් රහිත (Cashless) බැංකුකරණය - Cashless banking
  • අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම (Online shopping)
  • කාලය ඉතිරි වීම - Saving of time
  • වැඩි පහසුව - More convenience
  • ඉහළ පාරිභෝගික තෘප්තිය - More customer satisfaction

ICT in Defense - ආරක්ෂක ක්ෂේත්‍රයේ යෙදීම්


  • Communication and Coordination - සන්නිවේදනය හා සම්බන්ධීකරණය
  • Secure Networks - ආරක්ෂිත ජාල
  • Cryptography - ගුප්තකේතික සන්නිවේදනය
  •  Drones / UAVs - මිනිසුන් රහිත ගුවන් යානා
  • Radar System - රේඩාර් පද්ධති 
  • Cymer Security - සයිබර් ආරක්ෂාව 
  • Protection of Critical Infrastructure - තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම
  • GPS
  • නවීන ආයුධ - Modern Weaponry
  • Decision Support Systems- තීරණ සහාය පද්ධති



Uses ICT in Media - මාධ්‍ය ක්ෂ‍ේත්‍රයේ යෙදවුම්

  • Digital Editing - ඩිජිටල් සංස්කරණ
  • CGI & Animation - ග්‍රැෆික් නිර්මාණ හා සජීවීකරණ
  • E-Newspapers - විද්‍යුත් පුවත්පත්
  • Live Streaming - සජීවී විකාශන

ICT  in Communication- සන්නිවේදන ක්ෂේත්‍රයේ යෙදීම් 

  • Video Conferencing - වීඩියෝ සංවාද
  • Email - විද්‍යුත් තැපෑල
  • Satellite Communication - චන්ද්‍රිකා සන්නිවේදනය
  • Mobile Networks (4G/5G) - ජංගම දුරකථන ජාල (4G / 5G)



ICT In Transport - ප්‍රවාහන ක්ෂ‍ේත්‍රයේ යෙදවුම්.

  • Traffic light Control system - රථවාහන ආලෝක සංඥා පාලන පද්ධතිය
  • CCTV For safety and avoid Illegal actions - ආරක්ෂාව සහ නීති විරෝධී ක්‍රියා වළක්වා ගැනීම සඳහා CCTV
  • Online Seat Reservation / Booking in Train and Flight - මාර්ගගත ආසන වෙන් කිරීම (දුම්රිය සහ ගුවන් ගමන් )
  • Monitoring Flight Schedules and Train Schedules - ගුවන් ගමන් කාලසටහන් සහ දුම්රිය කාලසටහන් නිරීක්ෂණය කිරීම  (www.flightradar24.com)
  • Parking identification placard - වාහන ගාල් කිරීමේ ස්ථාන හඳුනාගැනීමේ පුවරුව
  • Online Hotel Booking - මාර්ගගත හෝටල් වෙන්කරවා ගැනීම


ICT for Intertreatment - විනෝදාස්වාදය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය 

  • Listen to music ගීත ශ්‍රවණය
  • Watching Online TV - මාර්ගගතව රූපවාහිනී නැරඹීම
  • Social Media – Share Information - සමාජ මාධ්‍ය - තොරතුරු හුවමාරු කිරීමට
  • HD Video Technology with 3D – 3D තාක්ෂණය සහිත ගුණාත්මක භාවයෙන් ඉහළ වීඩියෝ නැරඹීම
  • Surf Internet for Education - අන්තර්ජාලයේ සැරිසැරීම
  • E-Books - විද්‍යුත් පොත් කියවීම
  • Video Games - වීඩියෝ ක්‍රීඩා

Demerits of ICT - තොරතුරු තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵල 

  • Addiction - ඇබ්බැහි වීම
  • Building unsuitable friendships through social media. - සමාජ ජාල හරහා නොගැලපෙන මිතුරන් හමු වීම
  • When the computer is infected by virus due to improper use of internet, it may not function properly or go out of order. - අන්තර්ජාලය ඔස්සේ පරිගණකයට වෛරස ආසාදන ඇති වීම
  • Mental disorders may affect a person causing harm to himself/herself and to society by visiting improper websites. - නොගැලපෙන වෙබ් අඩිවි නිසා මානසික ව්‍යාකූලතා ඇති වීම
  • Publishing of distorted photographs and videos of individuals affecting their personal lives. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හානි විය හැකි පිංතූර / වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීම
  • Obesity due to less exercise -  අඩු ව්‍යායාම නිසා ස්ථූලතාවයට පත් වීම
  • Isolation - තනිවීම
  • Violating copyrights - හිමිකම් අයිතින් උල්ලංඝනය