තාර්කික ප්‍රකාශනයක් (boolean
expression) යනු යම්කිසි ගැටළුවකට ඇති තර්කානුකුල
විසදුමයි. අවසානයේදී මෙම තාර්කික ප්‍රකාශනය, තාර්කික ද්වාර (logic
gates) යොදාගෙන පරිපථයක් (circuit)
සැදීම සදහා යොදා ගනී. මේ නිසා
තාර්කික ප්‍රකාශනය දිගින් වැඩිවෙන විට ඒ
සදහා යොදාගත යුතු තාර්කික ද්වාර (logic
gates) ගණන වැඩිවේ. ඒ නම් පරිපථය (circuit) සැදීමට යන
වියදමද වැඩිවේ, පරිපථයේ ප්‍රමාණයද (size) වැඩිවේ.මෙම කරුණු
නිසා අපි සැමවිටම අපේ තාර්කික ප්‍රකාශනය හැකි තරම් සරල කර
ගත යුතුවේ.
සුළු කිරීමට ඇති
විචල්‍යන් ගනන 3 ට වඩා වැඩි වන විටදී තාර්කික ප්‍රකාශන සුළු
කිරීමට කානෝ සිතියම් (Karnaugh map) යොදා ගැනීම වඩා
කාර්යක්ෂම වේ.
මේ ක්‍රමය( කානෝ
සිතියම් යොදාගෙන සුළු කිරීම) මුලින්ම හදුන්වාදෙනු ලැබුවේ Maurice Karnaugh කියන ඇමෙරිකානු ජාතික
භෞතික විද්‍යාඥයා විසින් 1953 වසරේ දීය.
මිනිසාගේ රටා
හදුනාගැනීමේ (pattern-recognition) හැකියාව ප්‍රයෝජනයට
ගෙන කානෝ සිතියම්, තාර්කික ප්‍රකාශන සරල කිරීම සිදුකරයි.
වීජ
ගණිතමය (&Boolean algebra) ක්‍රමයට
සාපේක්ෂව කානෝ සිතියම්(Karnaugh map) යොදා ගැනීමේදී තාර්කික
ප්‍රකාශන වඩා වේගවත්ව හා පහසුවෙන් සරල කිරීම සිදු කල හැක.