Pages

Thursday, September 8, 2016

GIT Paper - සාමාන්‍ය තොරතුරු තාක්ෂණය - 2016 - 02nd term - NWP

2016 වර්ෂයේ 12 ශ්‍රේණියේ දරුවන් හට වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් ලබා දුන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) ප්‍රශ්න පත්‍රය පහත Link මගින් බාගත කළ හැක.


Monday, September 5, 2016

කානෝ සිතියම් යොදාගෙන තාර්කික ප්‍රකාශ සුළු කිරීම (Karnaugh map)

තාර්කික ප්‍රකාශනයක් (boolean expression) යනු යම්කිසි ගැටළුවකට ඇති  තර්කානුකුල විසදුමයි. අවසානයේදී මෙම තාර්කික ප්‍රකාශනය, තාර්කික ද්වාර (logic gates) යොදාගෙන  පරිපථයක්  (circuit)  සැදීම සදහා යොදා ගනී.  මේ නිසා  තාර්කික ප්‍රකාශනය දිගින් වැඩිවෙන විට ඒ සදහා යොදාගත  යුතු  තාර්කික ද්වාර (logic gates) ගණන වැඩිවේ. ඒ නම් පරිපථය (circuit) සැදීමට යන වියදමද  වැඩිවේ, පරිපථයේ ප්‍රමාණයද (size) වැඩිවේ.මෙම කරුණු නිසා අපි සැමවිටම අපේ තාර්කික ප්‍රකාශනය හැකි තරම් සරල කර ගත යුතුවේ.
 සුළු කිරීමට ඇති  විචල්‍යන් ගනන 3 ට වඩා වැඩි වන විටදී තාර්කික ප්‍රකාශන සුළු කිරීමට  කානෝ සිතියම් (Karnaugh map) යොදා ගැනීම වඩා කාර්යක්ෂම වේ.
මේ ක්‍රමය( කානෝ සිතියම් යොදාගෙන සුළු කිරීම) මුලින්ම හදුන්වාදෙනු ලැබුවේ Maurice Karnaugh කියන ඇමෙරිකානු ජාතික භෞතික විද්‍යාඥයා විසින් 1953 වසරේ දීය.
මිනිසාගේ රටා හදුනාගැනීමේ (pattern-recognition) හැකියාව ප්‍රයෝජනයට ගෙන කානෝ සිතියම්, තාර්කික ප්‍රකාශන සරල කිරීම සිදුකරයි.
වීජ ගණිතමය (&Boolean algebra) ක්‍රමයට සාපේක්ෂව කානෝ සිතියම්(Karnaugh map) යොදා ගැනීමේදී  තාර්කික ප්‍රකාශන වඩා වේගවත්ව හා පහසුවෙන්  සරල කිරීම සිදු කල හැක.
සම්පූර්ණ ලිපිය මෙතනින්

බූලියානු වීජීය ප්‍රකාශන සුළු කිරීම

4.5.1   බූලීය ප්‍රකාශන සුළු කිරීමට යොද‍ා ගන්නා නීති

1.       ආදේශකරණ න්‍යාය (Comutative Law)
2.       සංඝටක න්‍යාය (Associative Law)
3.       විඝටන න්‍යාය (Distributive Law)
4.       ද මෝගන් න්‍යාය ( De Morgan’s Law)


සම්පූර්ණ ලිපිය මෙතනින්